English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

අහිතකර වායු පිටකරන ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ටියුනප් කිරීමේ වැඩසටහනක් මෙවර නුවරඑළියේ දී

නිල් අහස සඳහා පිරිසිදු වාතය’ ජාත්‍යන්තර දිනයට සමගාමීව, මෙම වැඩසටහන වාහන වායු විමෝචන අරමුදලේ ව්‍යාපෘති කාර්යාලයේ මෙහෙයවීමෙන් නුවර එලියේදී පවත්වන ලදී.

මෙම වසරේ 'නිල් අහස සඳහා පිරිසිදු වාතය' පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව, වාහන වායු විමෝචන අරමුදල 2024 සැප්තැම්බර් 3, 4, යන දිනවල නුවරඑළිය සහ සැප්තැම්බර් 5 සහ 6 බදුල්ල ප්‍රදේශවල නොමිලේ වාහන සුසර කිරීමේ කඳවුරක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන් මගින් හානිකර වායු විමෝචනය කරන ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පරීක්ශාකර ඒ මොහොතේ සුසර කල හැකි වාහන සුසර කිරීම සහ ප්‍රජා දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත. මෙම කාර්‍ය සඳහා ලාෆ්ස් ඉකෝ ශ්‍රී ආයතනය, ඩ්‍රයිව් ග්‍රීන් ාඅය්හතනය හා තාක්ශණික සහය සඳහා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම් විසින් සහාය දක්වන ලද අතර, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 700 කට ආසන්න සංඛ්‍යාවකට සේවා ලබා දෙන ලදී.