මෑතකදී වාහන වායු විමෝචන වැඩසටහන විසින් රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන, ආරක්ෂිත සහ පාරිසරික රිය පැදවීම, සහ මෝටර් රථ ප්‍රවාහන පනතේ නව සංශෝධන සහ රෙගුලාසි පිළිබඳ පුහුණු සහ ධාරිතාව ගොඩනැගීමේ වැඩසටහනක් පවත්වන ලදී. ආරම්භයේ සිටම, වාහන වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය සාමාන්‍ය ජනතාව සඳහා සාමාන්‍ය දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් මෙන්ම SL-VET වැඩසටහනේ පාර්ශවකරුවන්ගේ ආයතනවල නිලධාරීන් සඳහා පුහුණු සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් පවත්වයි. මෙම වැඩසටහන් මගින් වායු දූෂණය සහ එහි බලපෑම පිළිබදව දැනුවත් කරන ලදි. තවද වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන, ආරක්ෂිත සහ පාරිසරික රිය පැදවීම, VET වැඩසටහනේ අධීක්ෂණ සහ විගණන කටයුතු, විමෝචන පරීක්ෂණ උපකරණ පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සහ විමෝචනය අවම කිරීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් වාහන නිසි ලෙස නඩත්තු කිරීම පිළිබඳව ද දැන්වත් කිරීම සිදු කරන ලදි.