නිසි නඩත්තුවකින් තොරව මාර්ගයේ ධාවනය වන අධික දුම් දමන වාහන වාහන හඳුනා ගැනීම සඳහා VET ව්‍යාපෘති කාර්යාලය විසින් දිවයින පුරා මාර්ගය දෙපස පරීක්ෂාන් සිදු කරයි. අනවශ්‍ය ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ සහ වාතයේ ගුණාත්මක භාවය රැකගැනීමේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, විමෝචන පරීක්ෂණ අතර වාහනයේ නිසි පරිදි නඩත්තු කිරීම පරිශීලකයා විසින් ඉතා අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙසේ සිදු කරනු ලබන පරීක්ෂා කිරීම්වලට අනුව, දුම් පරීක්‍ෂණයෙන් සමත් වූ වාහන පවා විශේෂයෙන් බස් රථ සහ අනෙකුත් වාහන, මාර්ගවල දුමාරයෙන් ධාවනය වන්නේ වාහන හිමිකරුවන් විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ය.