වාහන වායු විමෝචන පරීක්ෂණ භාර අරමුදල විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ටියුනප් දන්සල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. තාක්ෂණික සහාය ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගම විසින් සපයන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ හානිකර වායු විමෝචනය කරන වාහන හඳුනාගෙන වාහනය නිසි ලෙස සුසර කර නොමිලේ සකස් කිරීම, වාහනය නිසි ලෙස නඩත්තු කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ විමෝචන ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි.